මාලිංග රට අතහැර යයි.

0
228

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය සඳහා යන බවට විවිධ වාර්තා පළවීමත් සමඟයි.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුපිරි ක්‍රීඩක මාලිංග මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබාගෙන ඇති බවයි.

ඒ අනුව එළඹෙන බංගලාදේශ සංචාරයෙන් අනතුරුව ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

ලසිත් මාලිංග මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර ඔහු බංගලාදේශ තරඟාවලියට එක්වීම සඳහා හෙට දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වෙනවා.

මේ අතර ස්ථීර පදිංචියට ඕස්ට්‍රේලියාවට යන මාලිංගට එහිදී පුහුණුකාර ධුරයක්ද හිමිවීමට නියමිත බවට විදෙස් ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා.