මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් යට වෙයි.(PHOTOS)

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඩෙවොන් ඇළ සහ මහවැලි ගඟ පිටාර ගැලීම නිසා එම ප්‍රදේශයේ නිවාස 40ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා.

මේ අතර මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔය වටවල ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේද පහත් බිම් වල පිහිටි නිවාස 25ක් පමණ ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

අද (13) පස්වරුවේ ඇති වූ මෙම තත්වය නිසා නිවාස වල පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථාන වලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න