> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ලුම්බිණි විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආශිර්වාදාත්මක සර්වරාත්‍රික පිරිත් දේශනය හා පෙරහැර උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
- URL: https://www.citizen.lk/lumbini-college-primary-school/
- Published: 2026-02-14T04:16:00.000Z
- Updated: 2026-02-16T04:19:09.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

කොළඹ 05, ලුම්බිණි විද්‍යාලයේ ප්‍රාථමික අංශය මගින් සංවිධානය කරන ලද වාර්ෂික ආශිර්වාදාත්මක සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ ඒ නිමිත්තෙන් පැවැත්වූ විචිත්‍රවත් පෙරහැර පසුගිය (13) වනදා රාත්‍රී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබුවා.

විද්‍යාලයේ දියුණුවට සහ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා සංවිධානය කර තිබූ මෙම ආගමික මහෝත්සවය ආරම්භ කරමින් පළමුව විචිත්‍රවත් පෙරහැර වීදි සංචාරය කෙරුණා.

ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ දක්ෂතා විදහා දැක්වූ උඩරට, පහතරට සහ සබරගමු නර්තන අංගයන්ගෙන් මෙන්ම බෙර වාදකයින් සහ සෙසු සංස්කෘතික අංගයන්ගෙන් මෙම පෙරහැර අලංකාරවත් වුණා.

පෙරහැර විද්‍යාල පරිශ්‍රයට ගෙවැදීමෙන් අනතුරුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ වූ අතර, මහා සංඝරත්නය විසින් පසුදා අලුයම වන තෙක් සජ්ජායනා කරන ලද පිරිත් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, මව්පියන්, ආදි සිසුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

ඡායාරූප:අසේල /තුෂාර සංජීව/Lumbini Collage Media Unit

![](https://www.citizen.lk/content/images/2026/02/image-3.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-1.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-2.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-4.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-5.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-6.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-7.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-8.png)