ලන්ඩන් පාලම වසා දැමේ

සුප‍්‍රසිද්ධ ලන්ඩන් බි‍්‍රජ් පාලම මත සිදුවූ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ත‍්‍රස්තවාදී කි‍්‍රයාවකට සම්බන්ධ චෝදනා මත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව අනාවරණ වී තිබෙනවා.

විශේෂ අවසරයක් මත නිදහස්ව සිටි අවස්ථාවේ ඔහු මෙම පිහි ඇනුම සිදුකර ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ.

මෙම සිද්ධියේදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. ලන්ඩන් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පිහි ඇනුම සිදුකළ පුද්ගලයාද ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියත් සමග සුප‍්‍රසිද්ධ ලන්ඩන් පාලම තාවකාලිකව වසා දැමීමටද සිදු වුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න