> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපෘතියකට අනුමැතිය දුන් ලිපිය ඉවත්කරගනියි
- URL: https://www.citizen.lk/letter-of-approval-for-tourism-project-targeting-the-gay-community-withdrawn/
- Published: 2026-02-10T07:24:49.000Z
- Updated: 2026-02-10T07:25:33.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

February 10 Citizen.lk News) -ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් නිකුත් කළ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුවයි.