මධ්‍යම කඳුකරයේ වැසි අඩු වන ලකුණු. (PHOTOS)

0
15

පසුගිය දින කිහිපය තුල මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාව අද (14) වන විට පහව ගොස් තිබෙනවා.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව නිසා එහි එක් වාන් දොරටුවක් අද විවෘත කිරීමට සිදු වුණා.

කෙසේ නමුත් ,ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල විවෘත කළ වාන් දොරටු මේ වන විට වසා දමා තිබෙනවා.

මේ අතර ඊයේ (14)ඩෙවොන් ඇල පිටාර ගැලීම නිසා පහත් බිම් වල සිටි ජනතාව ඉවත් කල අතර මේ වන විට ජලය බැස යාම හේතුවෙන් ඔවුන් නැවතත් තම නිවෙස් වලට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.