> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි සිදුකල පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මකයි
- URL: https://www.citizen.lk/law-enforcement-to-be-imposed-on-those-who-damaged-the-pettah-central-bus-stand/
- Published: 2026-04-10T07:47:00.000Z
- Updated: 2026-04-10T07:47:23.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

April 10 (Citizen.lk News) - අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමටද කටයුතු කරන බව තවදුරටත් සඳහන් කර තිබෙනවා.