දිස්ත්‍රික්ක 3 කට නාය යාමේ අවදානම තවදුරටත්

පවතින වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 3 කට පනවා තිබු නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ.

ඒ අනුව බදුල්ල,මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට යලි නායයාමේ අවදානම පනවා ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කලේ.

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ බදුල්ල – කන්දකැටිය ප්‍රදේශයටයි. ඒ මිලි මීටර් 57. 8 ක් ලෙසයි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු දෙකක් මීටර් භාගය බැගින් අද උදෑසන විවෘත කෙරුණා.

එසේම වැසි තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ පමණක් පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් පිඩාවට පත්ව සිටිනවා.


තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න