> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
- URL: https://www.citizen.lk/landslide-warnings-issued-for-several-areas-2/
- Published: 2026-05-22T05:20:55.000Z
- Updated: 2026-05-22T05:20:55.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

May 22 (Citizen News) - පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා වලංගු වන බව සඳහන්ය.

**දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්)**

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රදේශ

**පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ)**

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශය