> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රනිල්,රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැවරූ ඉඩමක් රජයට නැවත පවරාගැනේ
- URL: https://www.citizen.lk/land-transferred-to-the-government-medical-officers-association-by-ranil-is-returned-to-the-government/
- Published: 2026-01-30T06:30:41.000Z
- Updated: 2026-01-30T06:31:55.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 30 (Citizen.lk News) - රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජ⁣යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා පවරා තිබෙනවා.

මෙම ඉඩම පවරාදීම නියමිත පටිපාටියෙන් තොරව හා බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් මෙලෙස එම ඉඩම නැවත රජයට පවරා ගෙන තිබෙනවා.