විනිසුරුට සද්දේ දැමූ කෝලිට ICC යෙන් දඬුවම්.

0
78

ඉන්දු – ඇෆ්ගනිස්තාන තරඟයේ දී පිටියේ විනිසුරු ලබා දුන් තීරණයකට උරණ වී හැසිරීම නිසා ඉන්දීය නායක විරාත් කෝලී හට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඔහුට ලබා දුන් දඩ මුදලට අමතරව කෝලිට එරෙහිව එක් අයහපත් ලකුණක් ද පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ජස්ප්‍රිට් බුම්රා එවූ පන්දුවක් ඇෆ්ගනිස්තාන පිතිකරුවෙක්ගේ පාදයේ වැදුණු නමුත් ඔවුන් එය කඩුල්ල මුවා කිරීමේ වරදක් යැයි ඉල්ලා සිටියා. පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ අලීම් ඩාර් විසින් නොදැවී යාමක් ලෙස නම් කිරීමත් සමඟම, නායක කෝලි විනිසුරු තීරණය සමඟ උරණ වී හැසිරුණා.

තරඟ විනිසුරුවරුන් හා තරඟ තීරකවරුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මේ පිළිබඳව දන්වා තිබුණේ ඉන් පසුවයි.

කෝලි විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙන ක්‍රීඩක හා සහායක රෙගුලාසි මාලාවේ 2.1 (ජාත්‍යන්තර තරගයක දී ප්‍රමාණය ඉක්මවා දැඩි ලෙස දැවී යාමක් ඉල්ලුම් කිරීම) යන වගන්තිය කඩ කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීමක්.

ඒ අනුව කෝලි විසින් තමා අතින් සිදු වූ වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව තරඟ තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බෝර්ඩ් මහතා පවසා සිටිනවා.

මෙලෙස කෝලිට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙන්නේ 2016 වසරේ සැප්තැම්බර් මාසයට පසුවයි.