සුපිරි ඉන්දීය පිතිකරුවාගේ දණහිසේ සැත්කමක්.

0
93

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදු වන බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශිය තරඟාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි නොවන බව ද වාර්තා වෙනවා.

ටෙස්ට් තරඟ 18 ක්, එක්දින තරඟ 226 ක් සහ විස්සයි 20 ජාත්‍යන්තර තරඟ 78 කට ක්‍රීඩා කර තිබෙන අතර ඔහු අවසන් වරට ඉන්දියාව නියෝජනය කළේ 2018 ජූලි මාසයේදී එංගලන්තයට එරෙහිව ලීඩ්ස් හි පැවති එක්දින තරඟයකටයි.