දූරියන් ගෙඩියක් ඩොලර් 48,000කට වෙන්දේසි වෙයි. (PHOTOS)

0
69

දූරියන් ගෙඩියක් ඩොලර් 48,000කට අලෙවි වූ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා. මෙය, ලොව මිල අධිකම දූරියන් ගෙඩියේ වටිනාකම ලෙසද සටහන් වෙනවා.

‘කිං ඔෆ් දූරියන් 2019’ නම් පුණ්‍යකටයුතු උදෙසා සිදුකළ වෙන්දේසියක් පසුගියදා බැංකොක් හිදී පැවැත්වුණු අතර, මෙම අවස්ථාවේදී ලොව මිල අධිකම දූරියන් ගෙඩි 09ක් වෙන්දේසි කර තිබෙනවා.

මෙම වෙන්දේසිය සංවිධානය කර තිබුණේ තායිලන්තයේ නොතබුරි පළාතේ කෘෂිකාර්මික කාර්යාලය විසින්.

මෙසේ ලොව මිල අධිකම දූරියන් ගෙඩිය ලෙස අලෙවි වී ඇත්තේ කන්යාඕ (Kanyao) නම් විශේෂයට අයත් දූරියන් ගෙඩියක්. තායි වෙළඳපොලේ සාමාන්‍ය දූරියන් ගෙඩියක මිල භාත් 500ක් පමණ වුවද, කන්යාඕ දූරියන් ගෙඩියක වටිනාකම භාත් 20,000 ක පමණ සිට ආරම්භ වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

කන්යාඕ දූරියන් මෙතරම් මිල අධික වන්නේ මෙහි හැඩය, පැහැය හා තදබව හේතුවෙන් බව පැවසෙනවා.

61700328 3143337209040411 2518730948799889408 n
61818545 3143337259040406 8467106275455401984 n
61868261 3143337249040407 385731927681794048 n
62021513 3143337359040396 5049084680398176256 n