කෙවින් කොත්තිගොඩගේ අමුතු පන්දු යැවීමට ටී10 ලීගයේ කාගේත් අවදානය.

අසාමාන්‍ය පන්දු යැවීමේ ක්‍රියාවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශාල බලපෑමක් කර තිබේ. පළමුවෙන්ම ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ක්‍රියාව ජාත්‍යන්තර තලයට පිවිසෙන විට කාගෙත් අවදානය දිනා ගත්තේය. කෙසේවෙතත්, මාලිංග ලෝක කුසලාන හතරකට ක්‍රීඩා කර ඇති බැවින් ඔහු සාර්ථක ක්‍රිකට් දිවියක් ගත කළේය. එවැනිම අසාමාන්‍ය පන්දු යැවීමේ ක්‍රියාවක් සහිත දඟ පන්දු යවන්නෙකු මේ දිනවල කාගෙත් අවදානය දිනා තිබේ. ඔහු නමින් කෙවින් කොත්තිගොඩ.

ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක කෙවින් කොත්තිගොඩගේ පන්දු යැවීම මේ දිනවල පැවැත්වෙන T10 තරඟාවලියේදී සියලු දෙනාගේ අවදානය දිනාගැනීමට සමත් වී තිබේ. කොත්තිගොඩ ටී10 ලීගයේ බංග්ලා ටයිගර්ස් නියෝජනය කරන අතර සෙනසුරාදා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සමඟ පැවති තරඟයේදී ඔහු මෙම අසාමාන්‍ය පන්දු යැවීමක නිරත විය.

එය මෙතැනින් නරඹන්න.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න