මැදවච්චියෙන් කේරළ ගංජා කිලෝ 142ක් හසුවේ. (PHOTOS / VIDEO)

0
83

මැදවච්චියේ සිට අනුරාධපුරයට කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මන්නාරම පරයානකුලම් ප්‍රදේශයේ සිට පැමිණි මෙම මෝටර් රථයේ තිබී සොයා ගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 142යි ග්‍රෑම් 812ක් වන බවයි.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මැදවච්චිය පොලිස් මාර්ග බාධකයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් පොලිස් සේවයෙන් නෙරපා හරින ලද උප පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන්.

ගංජා රැගෙන ආ මෝටර් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here