පාස්කු ප‍්‍රහාරයට අදට මාස 03 යි – කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කෙරේ. (PHOTOS)

අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරු දින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි විවෘත කෙරුණා.

ඒ පසුගිය අප්‍රේල් මස 21 දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස තුනකට පසුවයි.

අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් ද පැවැත් වුණා. ඒ කාදිනල් මැල්කම් රංජිත් පියතුමාණන්ගේ මුලිකත්වයෙන්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදට (21) මාස 03 ක් ගත වනවා. කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ පිහිටි සුපිරි හොටල් 03ක් ඉලක්ක කර සිදුවූ මෙම ප‍්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 263 දෙනෙකු මිය ගියා. මෙම ප‍්‍රහාර මාලාවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 503ක්.



තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න