> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ජොන්ස්ටන්ගේ පුත් රිමාන්ඩ්
- URL: https://www.citizen.lk/johnstons-son-remanded/
- Published: 2025-12-31T09:44:21.000Z
- Updated: 2025-12-31T09:44:21.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්, පුවත්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොසට අයත් ලොරි රථයක් ජොහාන් ප්‍රනාන්දු අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වන චෝදනාවකට අදාළවයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබෙනවා.