ජපානයේ චිත්‍රාගාරය අළුකළ පුද්ගලයා ඊට හේතුව කියයි.

ජපානයේ සජීවීකරණ මැදිරියකට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු සහ ප්‍රහාරයට හේතුව පිළිබඳව පොලීසිය විසින් අනාවරණයක් සිදුකර තිබෙනවා.

ජපානයේ කියෝතෝ නගරයේ පිහිටි සජීවීකරණ චිත්‍රාගාරයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු පිළිබද තොරතුරු පළමුවරට මාධ්‍ය වෙත අනාවරණය කෙරුණා.

41 හැවිරිදි සිද්ධියේ සැකකරු ෂින්ජි අඕබා නමැත්තෙක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

ගිනි ඇවිලීම තමන් විසින් චේතනාත්මකව සිදුකළ බවට සැකකරු පිළිගෙන ඇති බව සඳහන්.

තමන් රචනා කළ නවකතාවක් අදාළ චිත්‍රාගාරය හිමි සමාගම විසින් සොරාගත් ගැනීම හේතුවෙන් තමන් මෙසේ චිත්‍රාගාරය ගිනි තැබීමට කටයුතු කළ බවද ඔහු පවසා තිබෙනවා.

සැකකරු චිත්‍රාගාරය වෙත කඩා වැදී ප්‍රෙටල් ඉස චිත්‍රාගාර ගිනි තැබූ බවද පොලිස් පරික්ෂණවල දී අනාවරණය වුණා.

කියෝතෝ චිත්‍රාගාරය ගිනි ගැනීමෙන් පුද්ගලයින් 33දෙනෙක් මේ වනවිට මියගොස් තිබෙනවා.

එය ජපානයෙන් මෑතකදී වාර්තා වූ දරුණුතම අපරාධ සිදුවීම ද මෙය වනවා.

ඊට අමතරව තවත් පුද්ගලයින් දස දෙනෙක් පිළිස්සුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය තහවුරු කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න