ජනශක්ති සමාගම Live Life සමඟ අත්වැල් බැඳ ගනී.

ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට නව මුහුණුවරක් මෙන්ම අවදානමින් මිදුනු සෞඛ්‍ය මගපෙන්වීමක් හඳුන්වා දෙන ‘Live Life’ රක්ෂණ විසඳුම සමඟින් පාරිභෝගිකයන්ව සුවතාවයේ නව මගක කැඳවාගෙන යාමට ‘ජනශක්ති ජීවිත රක්ෂණ සමාගම’ කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ජීවන රටා, සෞඛ්‍ය හා යෝග්‍යතා පිළිබඳ ප‍්‍රමුඛ මෘදුකාංග යෙදුමක් (App) වන ayubo.life සමඟින් ඔවුන් අත්වැල් බැඳගන්නා ලදී. සුවතාවය පදනම් වූ මෙම ඩිජිටල් ජීවිත රක්ෂණ සැළසුම, සිය පාරිභෝගිකයන්ට සෞඛ්‍ය තත්ත්වය සමඟම සුවතාවය පිළිබඳ අරමුණු වැඩිදියුණු කරගැනීම පිණිස නිශ්චිත ප‍්‍රතිලාභ ලබාදෙන අතර මෙවැනි නව්‍යකරණයක් දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයට හඳුන්වාදෙන පළමු අවස්ථාව මෙය වනවා.

මෙම ‘Live Life’ සැළසුමට අනුව මාසිකව රු.1000/= සිට 5000/= දක්වා දිවෙන වාරිකයකට රක්ෂණ කාණ්ඩ පහක් යටතේ එන සැළසුම් පහක් අතරින් තමන්ට ගැළපෙන සුරක්ෂිත මට්ටම තෝරාගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබාදෙනවා. මෙම යෙදුමට පිවිසුණු විට වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, කී‍්‍රඩා විද්‍යාඥයන් ආදී සෞඛ්‍ය හා සුවතා විශේෂඥයින් කණ්ඩායමක් මඟින් වසරක් ඇතුළත සිය සෞඛ්‍ය අවදානම් පහත දැමීම පිණිස පාරිභෝගිකයාට මඟ පෙන්වනවා. මෙයට අනුගතවී වසරක් තුළ රක්ෂණ ඔප්පු හිමියකු තම අවදානම් මීළඟ මට්ටම දක්වා අඩුකරගැනීමට සමත් වූ විට ඔවුන්ට මීළඟ වර්ෂය සඳහා වැඩි ආවරණ මට්ටමක් සමඟින් අතිරේක ආරක්ෂණ ප‍්‍රතිලාභ පිරිනමනු ලැබෙනවා.

මෙම නව ජීවිත රක්ෂණ සැළසුම පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති ජීවිත රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ප‍්‍රනාන්දු මහතා පවසා සිටියේ ‘Live Life’ සැළසුම් කර ඇත්තේ පුද්ගලයන්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු අගයමින් සාම්ප‍්‍රදායික රක්ෂණ ක්ෂේත‍්‍රයේ සීමාමායිම් බිඳදැමීමට බවයි.‘Live Life’ යනු පාරිභෝගිකයන්හට නිශ්චිත සහ අර්ථවත් දීමනා ලබාදීම මඟින් ජීවිත කාලය පුරාම මනා සෞඛ්‍ය තත්වයන් පවත්වාගෙන යාමට පාරිභෝගිකයන් උනන්දුකරවමින්, සෞඛ්‍ය අවදානම් අඩුකරගැනීමේ සංකල්පය මත පදනම්වූ නව්‍ය සැලසුමක් වනවා. රක්ෂණ සමාගම සහ රක්‍ෂණ ඔප්පු හිිමියන් අතර පැවැති සාම්ප‍්‍රදායික සම්බන්ධතාවය වෙනස් කරමින් රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ මෙවැනි ප‍්‍රගතිගාමී පියවරක් තැබීමට හැකිවීම ගෞරවයක් බව ඒ මහතා පවසනවා.

ayubo.life හි අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීණි වෛද්‍ය චමිලා ආරියනන්ද මහත්මිය අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ayubo.life ක‍්‍රියාත්මක වන්නේ අපට හමුවන සෑම ජීවියතයක්ම සුපෝෂණය කිරීමේ දැක්ම සහිතවයි. සුදුසුකම්ලත් විශේෂඥ මඩුල්ලක් මඟින් ලබාදෙන මෙම සුවසේවාව, පුද්ගලබද්ධ ඉලක්කයක් කරා දිශාගතවූවක්. නිශ්චිත සැලසුම් සහිතව, කී‍්‍රඩාමය මගපෙන්වීමක් හා ඇගයුම් සහිත ගමන්මඟක් ඔස්සේ පාරිභෝගිකයන්ව රැගෙන යෑමේ ගමන, මෙම රක්ෂණ ඔස්සේ සාඩම්බරයෙන් අරඹනු ලබනවා. ජීවන රටාව මත රැුඳෙන රෝගයන් පිළිබඳ අනතුරු හඟවන සංඛ්‍යාදත්ත සමඟ මෙම රක්ෂණ ක‍්‍රමය පුද්ගල ජීවන රටා වැඩිදියුණු කිරීමටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ශී‍්‍ර ලංකාවක් බිහිකිරීමටත් දායක වන බව අපගේ විශ්වාසයයි’ යනුවෙන් එතුමිය අදහස් දැක්වූවා.

‘Live Life’ රක්ෂණ සැළසුම හඳුන්වාදීමත් සමඟින්, සිය රක්‍ෂණලාභීන් හට ඔවුන්ගේ ධනාත්මක චර්යාවන් වෙනුවෙන් ඇඟට දැනෙන ප‍්‍රතිලාභ හිමිකරදෙන මෙරට ප‍්‍රථම සහ එකම රක්‍ෂණ සමාගම බවට ජනශක්ති රක්‍ෂණ සමාගම පත්වනවා. 2016 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් කළ අධ්‍යනයන්ට අනුව එම වසරේ ශී‍්‍ර ලංකාවේ මරණවලින් 83%ක් බෝ නොවන රෝග (NCDs) නිසා සිදුවී ඇති අතර එම ප‍්‍රමානයෙන් 34%ක් හෘදවාහිනී රෝග නිසා සිදුවී ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙවැනි අවදානමක බලපෑම් සලකා බැලීමේදී ‘Live Life’ රක්ෂණ සැළැස්මේ මූලික හරය ඔස්සේ, විශේෂඥ මගපෙන්වීම් හරහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම මනා ලෙස සැළසුම් වී තිබෙනවා.

පාරිභෝගිකයන්ගේ දෛනික ජීවන රටාවන් වේගයෙන් වෙනස්වන කාලයක ‘Live Life’ රක්ෂණ සැළසුම හඳුන්වාදෙමින්, ජනශක්ති සමාගමේ සහ ්හමඉදගකසෙැ හි මෙම සබැඳියාව පාරිභෝගිකයාට බලසපිරි, සෞඛ්‍යමත්, ධනාත්මක ජීවිතයක් සතුටින් යුක්තව ගතකිරීමට පොළඹවන නවමු අත්දැකීමක් ලෙසින් හැඳින්විය හැකියි.

Janashakthi Insurance PLC ගැන:

වර්ෂ 1994දී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස ආරම්භ කරනු ලැබූ ජනශක්ති ජීවිත රක්‍ෂණ සමාගම, වසර 24ක් තිසේසේ පාරිභෝගිකයාට සමීප නවෝත්පාදන සන්නාමයක් ලෙස කීර්තියක් අත්පත්කරගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම දිවයින පුරා විහිදුණු ජීවිත රක්‍ෂණ ජාලයකින් සහ ඒ වෙනුවෙන් කැපවූ ඇමතුම් මධ්‍යස්ථානයකින් ජනශක්ති ජීවිත රක්‍ෂණ සමාගම සවිමත්. ජනතාවගේ ජීවිත නගා සිටුවීම හා ඔවුන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් සිය පාරිභෝගිකයන්ට මෙන්ම කොටස්කරුවන්ටද හුදු රක්‍ෂණාවරණයක රැුකවරණය සැපයීමෙන් ඔබ්බට ගොස්, වඩා වැඩි සේවාවක් ලබාදෙමින්, ජීවිත රක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ජනශක්ති ජීවිත රක්‍ෂණ සමාගම කැපවී ක‍්‍රියාකරයි. ජනශක්ති ජීවිත රක්‍ෂණ සමාගම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට www.janashakthi.com වෙත පිවිසෙන්න.

ayubo.life ගැන:

ayubo.life යනු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හඹායන සියලූදෙනාට වේදිකාවක් වූ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ජීවන රටා, සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ මෘදුකාංග යෙදවුමක් (App) මෙම යෙදවුම විවිධ සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ වන අතර තමන්ගේ සෞඛ්‍ය දත්ත ගබඩා කිරීම, අවශ්‍ය වූ විට වීඩියෝ මඟින් වෛද්‍ය උපදේශනයට පහසුකම් සැලසීම, ශාරීරික ව්‍යායාම පිළිබඳ දත්ත පවත්වා ගැනීම, අන්තර්ජාලය හරහා ශරීර සුවතා සැලසුම් ලබාගැනීමට ශරීර සුවතා ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් සමඟ හවුල්කාරීත්වයන් පවත්වාගෙන යාමද මෙමගින් සිදුකරනවා. ayubo.life යෙදුමේ හිමිකාරීත්වය දරන්නේ සහ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ හේමාස් සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සහ මෙහෙයුම් දායකත්වයෙන් කි‍්‍රයාත්මක වන සමාගමක් වන ‘ඩිජිටල් හෙල්ත්කෙයා (Digital Healthcare Solutions) පුද්ගලික සමාගම විසින්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න