යාපනය වි.වි. උප කුලපති ඉවත් කළේ බුද්ධි අංශ බලපෑම් නිසා ද?

යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රත්නම් විග්නේශ්වරන්, කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව තනතුරෙන් පහ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

citizen අපි ඒ අනුව මහාචාර්ය විග්නේශ්වරන් ගෙන් මේ පිළිබඳ විමසීමක් කළෙමු. ඔහු මෙම කරුණු තහවුරු කරනු ලැබුවා.

මෙහිදී ඔහු විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කළ සංස්කෘතික උළෙලකට සහභාගී වීම හේතුවෙන් ඔහුව ඉවත් කළ බව ඔහු පවසයි. මේ පිළිබඳව හමුදා බුද්ධි අංශය මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත කර ඇත දැනුම් දීම ඇත මෙලෙස ඔහුව ඉවත් කර තිබෙන බව ඔහු පවසනවා. එමෙන්ම එම කරුණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වරයා විසින් ද පිළිගෙන ඇති බව ට ද වාර්තා පලවී තිබුණා.

මෙම සිද්ධියේ ඔබ වටහා ගතයුතු කරුණු මෙලෙස පෙළ ගස්වමු.

  • යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් තනතුරෙන් පහ කරයි.
  • ඔහුට එල්ලවූ චෝදනා, පහ කිරීමට හේතුව හෝ මෙතෙක් ලිඛිතව ලබාදී නොමැත.
  • ඔහුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත.
  • එනම් ඔහුව තනතුරෙන් පහ කිරීම සඳහා ගත යුතු නිවැරදි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නැත.
  • ඔහුට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කර ඇත්තේ හමුදා බුද්ධි අංශය විසිනි.
  • ඒ විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීම සහ ඊට අවසර දීම යන ඒවා ලෙස සැලකේ.
  • එලෙස පැවැත්වූ අවස්ථාවේ කිසිදු නීති විරෝධී කටයුත්තක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් නොවන නිසා තමන් අවසර දුන් බවත් සහභාගී වූ බවත් මහාචාර්ය වරයා පවසයි.
  • මෙලෙස සංවිධානය වූ ඉසව්ව පිළිබඳ පොලිස් පරීක්ෂණයක් සිදුව නොමැත.
  • මහාචාර්යවරයාට විරුද්ධව ද පොලිස් පැමිණිල්ලක් හෝ පරීක්ෂණයක් සිදුව නොමැත.

මෙවැනි තත්වයක් යටතේ, අදාල ඉසව්ව, එල් ටී ටී ඊ හිතවාදී නීති විරෝධී ක්‍රියාවක් නම්, පොලිසිය එවෙලෙහිම හෝ පසුව හෝ ක්‍රියාත්මක විය යුතුව තිබිණි. මෙම සිද්ධිය ගැන බුද්ධි අංශ දැනුවත් නම් ඔවුන් කළ යුතුව තිබුණේ පොලිසිය යොදවා සිද්ධිය වලක්වා සහභාගී වූ පිරිස අත්අඩංගුවට ගෙන නඩු පැවරීමයි. එවැන්නක් සිදුව නැත.

විශ්ව විද්‍යාල කොමිෂන් සභාව වැනි වගකිව යුතු ආයතනයකට විශ්ව විද්‍යාලයක ඉහළම තනතුරක් හොබවන මහාචාර්ය වරයෙකු තනතුරෙන් පහ කළ යුතු නිවැරදි ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කළ හැකි ද?

මහාචාර්ය වරයා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නීතිමය පියවර හෝ විනය පියවර නොගෙන කෙලින්ම තනතුරෙන් පහ කළේ ඇයි ?

පෙනෙන ආකාරයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ජාතික ආරක්ෂාව ගැන පවසමින් පුද්ගලයෙකුගේ මුලික අයිතීන් උල්ලංඝනය වන ලෙස කටයුතු කර ඇත.

මෙම සිද්ධිය වාර්තා වන්නේ 2019 මැයි 07 දා වන අතර අද දක්වා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කිසිදු පරීක්ෂණයක් පැවැත්වීමට අසමත් ව ඇත. එලෙස පුද්ගලයන්ගේ මුලික අයිතීන් උල්ලංඝනය කිරීමට නීතිමය ආවරණයක් ලැබෙන්නේ කෙසේ ද?

මෙම සිදුවීම ගැන ඔබගේ අදහස කුමක් ද? ඔබේ අදහස අපේ ෆේස්බුක් පිටුවට එක් කරන්න.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න