දින 3කින් “යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ” මඩ ගොහොරුවක් වේ – ඡායාරූප

පසුගිය බ්‍රහස්පතින්දා පලාලි හිදී විවෘත කෙරුණු “යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ” දින තුනක් යන විට මඩ ගොහොරුවක් වී තිබෙනවා.

ඒ, රුපියල් බිලියන 3ට ආසන්න මුදලක් වැය කරමින් සංවර්ධනය කෙරුණු මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපළ සතුව ක්‍රමවත් වැසි ජලය බැස යාමේ පද්ධතියක් නොතිබීම හේතුවෙන්.

ගුවන්තොටුපළ විවෘත කරන දින ලබාගත් මෙම ඡායාරූපය සමීපව නිරීක්ෂණයේදී දැක ගත හැක්කේ කඩිමුඩියේ ගුවන්තොට විවෘත කර ඇති බවක්.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළට පළමු ගුවන් යානය
පැමිණි අවස්ථාව

ඊයේ දින (2019.10.20) ලබා ගත් මෙම දර්ශන අනුව පවතින මෝසම් වැසි තත්ත්වය නිසා ගුවන් තොටේ මෙහෙයුම් කටයුතු වලට බාධා ඇතිවී තිබෙනවා.

මෙහෙයුම් තව දින 10කින්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තව දින 10කින් එනම් නොවැම්බර් 1 දා ආරම්භ වීමට නියමිතයි.

නමුත් The Weather Channel ආයතනයට අනුව ඉදිරි දින 10 තුළත් යාපනය අර්ධද්වීපයට අධික වැසි අපේක්ෂිතයි.

මෙම තත්ත්වය මත මෙරට තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් සැලසුම් කල පරිදි සිදුකල හැකිවේද?

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න