ITN ලොකු පුටුවකට යන ශානුක කරුණාරත්න

0
644

සියත Fm මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රවීන මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතා ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ලෙස පත්කර තිබෙනවා. ඔහු මීට පෙර හිරු මාධ්‍ය ජලයේ ප්‍රවෘත්ති අංශයේ සේවය කර තිබෙනවා.

දශක එක හමාරක පමණ පරිණත මාධ්‍ය අත්දැකීම් ඇති ශානුක කරුණාරත්න දිවයිනේ ප්‍රචලිත වූ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් ගණනාවක නිෂ්පාදනයෙන් මෙන්ම හඬ දායකත්වයෙන් දායක වී තිබෙනවා.

ඉන් ප්‍රධාන තැනක් ගන්නේ එකල හිරු ගුවන්විදුලියේ ප්‍රචාරය වූ “OFF THE RECORD” දේශපාලනික වාර්තා වැඩසටමහනයි.

2008 වසරේ දී හොඳම දේශපාලනික වැඩසටහනට හිමි ජනමාධ්‍ය සම්මානයද එම වැඩසටහනට හිමිවූයේ සාම්ප්‍රදායික ගුවන් විදුලි දේශපාලන සංවාද වැඩසටහන් වලින් බැහැරව නවමු මානයක් කරා දේශපාලනික වැඩසටහන් කලාව ගෙනයාම හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here