සයිටම් සිසුන්ට පත්වීම් ලබා දෙන බවට සැකයක්.

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ එම චක්‍රලේඛය තුළ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල යන නාමය වෙනුවට දේශීය වෛද්‍ය විද්‍යාල යන නාමය ඇතුළත් කර ඇති බවයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ, අදාළ චක්‍රලේඛය කඩිනමින් වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න