‘ තොරතුරු තාක්ෂණය ‘ සියලු බදුවලින් නිදහස්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සියලු බදුවලින් නිදහස් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාතයවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ, තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලූම බදු වර්ග මුළුමනින්ම අවසන් කර ඇති බවයි.

අදායම් බදු, වැට් හෝ ජාතිය ගොඩනැඟීමේ බදු ආදි වු සියලු බදුවලින් නිදහස් එකම ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එය තොරතුරු තාක්ෂණයේ විශාල පිබිදීමක් සඳහා හේතුවන බවත් පැවසු ඒ මහතා, එය තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ වර්ධනයට ලබා දුන් විශාල පිටුවහලක් ලෙස තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න