ඊශ්‍රායෙල් අගමැති ඉරානයේ න්‍යෂ්ඨික අවි ඇති ස්ථාන හෙළි කරයි

ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයේ න්‍යෂ්ඨික අවි අත්හදා බලන ස්ථාන වල චන්ද්‍රික ඡායාරුප මාධ්‍යට මුදාහැර තිබේ.

ඔහු මාධ්‍ය අමතමින් මේ ස්ථාන ගැන තමන් සියල්ල දන්නා බවත් ඇතැම් ස්ථාන අත්පත් කරගත් බවත් තහවුරු කර ඇත.

කෙසේ වෙතත් ටෙහෙරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායෙල් අගමැති වරයා, වැඩිදුරටත් අදහස් දක්වමින් “ඔබ කරන්නේ කුමක්ද, ඔබ කරන්නේ කවද්ද සහ ඔබ කරන්නේ කොතනද යන්න ඊශ්‍රායෙලය දන්නවා” යයි තර්ජනාත්මකව අදහස් පළ කර ඇත.