> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකියි- ඉරානය කියයි
- URL: https://www.citizen.lk/iran-says-strait-of-hormuz-cannot-be-opened/
- Published: 2026-04-23T07:55:11.000Z
- Updated: 2026-04-23T07:55:38.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විදෙස්

April 23 (Citizen News) -ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන "නිර්ලජ්ජිත සටන් විරාම උල්ලංඝනය කිරීම්" හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය මේ අවස්ථාවේ විවෘත කිරීමට නොහැකි බව ඉරානය සඳහන් කර තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ගලිබාෆ් X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම "උල්ලංඝනය කිරීම්වලට" ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ද ඇතුළත් වන බවයි.

ඔහු සඳහන් කරන්නේ, මෙය ගෝලීය ආර්ථිකය "ප්‍රාණ ඇපයට ගැනීමක්" බඳු බවත්, ඊශ්‍රායලය විසින් සිදුකරන යුදකාමී ක්‍රියා ද මීට ඇතුළත් බවය.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කර සිටියේ, ඉරානය තවමත් සාකච්ඡා සඳහා විවෘතව සිටින නමුත්, "පොරොන්දු කඩකිරීම්, අවහිර කිරීම් සහ තර්ජන සැබෑ සාකච්ඡා සඳහා ඇති ප්‍රධාන බාධාවන්" බවයි.