IPL 2019 පළමු තරගය අද, IPL ආරම්භයේදීම මාලිංගට මුම්බායි පිළ ගිලිහෙයි

0
114

2019 IPL තරගාවලිය අද ආරම්භ වෙනවා. අද රාත්‍රී 8ට ඉන්දීයාවේ M. A. Chidambaram ක්‍රීඩාන්ගනයේදී IPL 2019 පළමු තරගය ආරම්භ වීමට සියල්ල සූදානම්

එම තරගය සදහා Chennai Super Kings සහ Royal Challengers Bangalore කන්ඩායම් තරගයයි

මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙවර IPL තරගාවලියේ මුල් තරග කිහිපයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරාගන්නා නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කොට මාලිංග මෙම තීරණය ගෙන තිබෙනවා. මාලිංග සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මම විමසුවා IPL තරගාවලියට තරග කිරීම පිළිබඳව ඔබලාගේ විරුද්ධත්වයක් තියෙනවා ද කියලා. එවිට ඔවුන් පැවසුවේ එළඹෙන ලෝක කුසලානයට යාමට අපේක්ෂාවෙන් සිටින සියලුම දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් මෙහෙ රැඳී ඉඳලා පලාත් තරගාවලියේ ක්‍රීඩා කරන්න ඕනේ කියලා.” මාලිංග ESPNcricinfo වෙබ් අඩවියට පවසා තිබෙනවා.

“පසුව ඔවුන්ට මම කිව්වා දේශීය පළාත් ක්‍රිකට් තරගාවලිය සඳහා මම ක්‍රීඩා කරනවා කියලා. පසුව මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මගේ තීරණය දැනුම් දුන්නා. මට IPL තරගාවලියෙන් ලැබෙන සල්ලි නැති වුනාට කමක් නැහැ ඊට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මට ගොඩාක් වටිනවා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග පවසා තිබෙනවා.

මාලිංග යම් හෙයකින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වුවහොත් IPL තරගාවලියේ ඉතිරි තරග කිහිපය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ගිලිහි යාමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here