පූජිත – හේමසිරි නැවතත් බන්ධනාගාර නිලධාරින් භාරයට

යාවත්කාලීන කිරීම : පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නැවතත් බන්ධනාගාර නිලධාරින් භාරයට පත්කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර වහා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද නියෝග කලා.

ඒ ඉකුත් අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවා.

එලෙස ඇප මත මුදා හැරිම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම සලකා බැලු මහාධිකරණය විසින් ඇප ලබාදෙමින් ලබා දුන් නියෝගය බල රහිත කරනු ලැබුවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න