IOC තෙල් මිලත් ඉහළ දමයි

    0
    49

    මිල සංශෝධනයට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් ඉහල නැංවීමට ලංකා අයි ඕ සී සමාගමද පියවර ගෙන තිබෙනවා.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 155 කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින් ඉහල නැංවෙන අතර එහි නව මිල රුපියල් 103 කි.

    යුරෝ ෆෝ ඩිසල් ලීටරයක් ඉහල නැංවෙන්නේ රුපියල් 8 කින්.ඒ අනුව එහි නව මිල රුපියල් 126 ක්.

    කෙසේවෙතත් ලංකා අයි ඕ සී සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහල දමා නොමැති අතර එය රුපියල් 131 ක් ලෙස පැරණි මිලටම අලෙවි කරන බවයි ඉන්දීය තෙල් සමාගම සඳහන් කළේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here