IOC ඉන්ධන මිලත් ඉහළට

    0
    100

    මෙරට ඉන්ධන අලෙවි කරන ඉන්දියානු තෙල් සමාගම (IOC) ද සිය නවතම තෙල් මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ අනුව ලීටර් එකක පෙට්‍රල් (92) මිල රුපියල් 132ක්, පෙට්‍රල් (95) මිල රුපියල් 162ක්, ඔටෝ ඩීසල් මිල රුපියල් 113ක්, සුපිරි ඩීසල් මිල රුපියල් 134ක් වශයෙන්.

    මාසිකව සලකා බැලෙන මිල සූත‍්‍රයට අනුව ලංකා පිරවුම්හල්වල ඉන්ධන මිල ඉකුත් 12 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කිරීමට රජය පියවන ගෙන තිබුණා.

    ඒ, ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 03කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියලකින් සහ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 08කින් වන පරිදියි.

    මෙම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 132ක් වනවා. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 159කටයි.

    ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 104ක් ද සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 134ක් ද වනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here