සුදත්ත හිමිගේ පැමිණිල්ල ගැන පරීක්ෂණ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිපදෙනෙක් සම්බන්ධතා පවත්වන බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැමිණිල්ලක් කර තිබෙනවා

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අදාළ පරීක්ෂණය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

කිසියම් ආකාරයකින් පැමිණිල්ල සත්‍ය බව ඔප්පු වුවහොත් එම නිලධාරීන් හට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න