සුදු වෑන් වලින් “කිඹුලන්ට” ආහාර ගෙන ගිය රියදුරු සොයා පරීක්ෂණ ඇරඹේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.

පසුගිය නොවැම්බර් මස 10 දා රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන පුද්ගලයකු සහ සුදු වෑන් රථයක රියදුරෙකු යැයි පැවසෙන පුද්ගලයකු පෙනී සිටියා .


මෙම චෝදනාවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී .

ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රූපවාහිනී නාලිකා කිහිපයකට අද නියෝග කරන ලදී .

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා හිටපු අමාත්‍යවරයා සමග ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජය මදනායක යන අය සහභාගි වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා .

පරීක්ෂණ වල ප්‍රගතිය ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළා .

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න