අසාද් සාලි ගැන පරීක්ෂණයක්.

විනිසුරුවරුන් අන්තගාමී සංවිධානවල සාමාජිකයින් වී ඇති බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු ඉදිරිපත් කරමින්.

අදාළ ප්‍රකාශය මගින් ආගම් සහ ජාතීන් අතර වෛරී තත්ත්වයන් ඇතිකරන බවට කරුණු දක්වමින් මීට අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණේ නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින්.

ඒ අනුව ආණ්ඩුකාරවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ සංස්කරණය කළ සහ නොකළ දර්ශන ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය මාධ්‍ය ආයතන දෙකකට නියෝග කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න