“13 වැනිදා ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවලා.” – මහින්ද රාජපක්ෂ

0
846

මෙම මස 13 වන දින සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි අංශ විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අද (10) පාර්ලිමේන්තුවෙදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

“බුද්ධි අංශ විසින් නිවේදනයකින් අපේ ආරක්ෂක අංශවලට, මගේ ආරක්ෂක අංශය ඇතුළුව 13 වනදා දරුණු ප්‍රහාරයක් විය හැකි බවට අනතුරු අඟවලා.

දේශපාලන නායකයන්ගේ දරුවන් පාසල්වලට යන්නෙ නැහැ. ඒක ප්‍රසිද්ධ කාරණාවක්. ඒ දෙමාපියන්ගේ වැරැද්ද නොවේ.

දෙමව්පියන් දන්නවා මේ ආණ්ඩුව වගකීමෙන් කථා කරන ආණ්ඩුවක් නොවේ කියලා. ආණ්ඩුවට එක මතයක්, විශ්වාසනීය වන්තව ඉදිරිපත් කරන්න බැරි බව ජනතාව දන්නවා . මේ මොහොතේත් එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා දරුවන්ගේ පන්ති ලබන සදුදා ආරම්භ කිරීමට සූදානම් කරලා තිබෙන බව පවසා තිබෙනවා.

එතකොට බුද්ධි අංශ එවැනි අනතුරු ඇඟවීමක් කරලා තියෙද්දි මිලියන හතරක දරුවන්, ජාතියේ අනාගතය අනාරක්ෂිතව පාරට ගන්න එක සාධාරණද?

මම පිළිගන්නවා පාසල් දිගටම වහන් ඉන්න බැහැ කියලා නමුත් පාඨමාලාවන් නියමිත කාලයට පෙර සම්පූර්ණ කරනවාද එහෙම නැත්නම් දරුවන්ගේ ආරක්ෂාව ද වැදගත් වෙන්නේ.

එහෙම නැත්නම් තමුන්නාන්සේලා කියන විදියට රුපියල් ලක්ෂයකට දරුවන් තක්සේරු කරන්න පුළුවන්ද? දරුවන්‍ගේ රක්ෂණය ගැන කථා කිරීම තරම් විහිළුවක්, අගෞරවයක්, අවමානයක් මේ රටේ ඉතිහාසයේ කිසිදු අධ්‍යාපන බලධාරියෙක් කර තිබෙනවාද? කරුණාකර මේ දරුවන්ගේ ජීවිත එක්ක විහළු කරන්න එපා.

මම විපක්ෂනායක වරයා හෝ හිටපු ජනාධිපතිවරයා හැටියට නොවේ දරුවන්ට ආදරය කරන තාත්තා කෙනෙක් හැටියට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලාගේ දේශපාලන සූදුව දරුවන්ගේ ජීවිත එක්ක කරන්න එපා.

ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ, ආරක්ෂාව පිළිබද වාර්තාවල තහවුරු භාවය පිළිබද මේ රටට ප්‍රකාශයක් කරන්න ඕනා. ඒ දේශපාලඥයන් විසින් නොවේ.

මේ දරුවන් බුලට් පෲෆ් දරුවන් නොවේ. අපට වෙඩි නොවදින වාහන ලබාදී තිබෙනවා මේ දරුවෝ වෙඩි නොවදින දරුවෝ නොවේ. ඒ නිසා මේක ආණ්ඩුවේ සංවේදිභාවය මනින මිනුම් දණ්ඩක්. ආණ්ඩුව කෙතරම් සංවේදි ද යන්න සොයන්න මීට වඩා මිනුමක් නෑ.

අපි ත්‍රස්තවාදයට මුහුණ දෙන පළමු වතාව මේක නෙවෙයි. ආණ්ඩු ගණනාවක් යටතේ දශක ගණනාවක් මුලුල්ලේ අපි ත්‍රස්තවාදය අත්දැකලා තියෙනවා. නමුත් ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ මේ තරම් අවිශ්වාසයක් කිසිම වකවානුවක තිබිල නැහැ.” යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here