ට්‍රම්ප් මහරැජිණ හමුවෙයි. (PHOTOS/VIDEO)

0
74

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බකිංහැම් මාළිඟයේදී ඊයේ මහරැජිණ විසින් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වුණා.

එහිදී ඔහු සඳහන් කළේ ලෝකයේ සුරක්ෂිතතාව සහ සශ්‍රීකත්වය උදෙසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය දශක ගණනාවක් තිස්සේ කටයුතු කර ඇති බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේ එක් පියවරක් වන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට මුල් වූ ඉතිහාසයේ දැවැන්තම නාවික මෙහෙයුම ලෙස සැලකෙන ප්‍රංශයේ නෝමැන්ඩි වෙත මිත්‍ර හමුදා ගොඩබැසීමේ 75 වන සමරුවට එක්වීමයි.

එවැනි අඳුරු යුගයක් නැවත ඇති නොවීමට කටයුතු කළ යුතු බව මහරැජිණ ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී සඳහන් කළා.

එම අවස්ථාවට චාල්ස් කුමරු, විලියම් කුමරු, කේට් කුමරිය ඇතුළු රාජකීයන් සියල්ලන්ම පාහේ එක්වුවද ඇමරිකානු සම්භවයක් සහිත ප්‍රථම රජ කුමරිය වූ මේගන් මාකල් එක්වූයේ නැහැ.

එහෙත් ඒ, ජනපති ට්‍රම්ප් ඇය නපුරු කාන්තාවක ලෙස හැදින්වීම නිසා නොවන බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කළේ. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී මේගන් මාකල් ජනපති ට්‍රම්ප් දැඩි සේ විවේචනය කර තිබුණා.