> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දීය අගමැති මෝදිගේ ආණ්ඩුවේ 13 වැනි අයවැයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 04ක් වෙන් කෙරේ
- URL: https://www.citizen.lk/indian-prime-minister-modis-governments-13th-budget-allocates-4-billion-indian-rupees-for-sri-lanka/
- Published: 2026-02-02T05:21:23.000Z
- Updated: 2026-02-02T05:21:44.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

February 02 (Citizen.lk News) - ඉන්දියානු රජය විසින් 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය මගින් ශ්‍රී ලංකාව සඳහා ඉන්දියානු රුපියල් බිලියන 04ක ප්‍රදාන සහ ණය ආධාර වෙන් කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාවේ ඉන්දීය රජයේ අයවැය තුළ අසල් වැසි රටවල් සදහා ආධාර මුදල් ලෙස රුපියල් කෝටි 5686 ක් වෙන් කර තිබෙන අතර, ඉන් ලංකාව වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි හාරසියයකි.