> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට
- URL: https://www.citizen.lk/indian-foreign-minister-to-visit-the-island-today/
- Published: 2025-12-22T07:07:43.000Z
- Updated: 2025-12-22T07:07:43.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැඳී සිටින කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ආපදා තත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහාය දැක්වීම ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරයේ අරමුණ වන බව වැඩිදුරටත් සඳහන් වනවා.