ඉන්දියාව සහ ඉරානය අවසන් පූර්ව වටයට. (PHOTOS)

0
17

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරඟාවලිය දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වුණා.

අද තරඟාවලිය බංග්ලාදේශ – ඉරානය සහ නේපාලය – ඉන්දියාව යන රටවල් සටන් වැදුණා. එහිදී ඉන්දියාව 8 -0 ලෙස ජය ගත් අතර ඉරානය 8 – 4 ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරඟාවලිය මෙයයි. කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය සහ ඉරානය මෙම තරඟාවලිය සඳහා සහභාගී වන මෙවර බටහිර ආසියානු බේස්බෝල් ශුරතාවය සඳහා නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ Citizen.lk අපයි.

ඒ අනුව තත්පරයෙන් තත්පරය තරඟයේ උණුසුම citizen.lk වෙබ් අඩවිය හරහා මෙන්ම citizen.lk ෆේස්බුක් පිටුව හරහාද ඔබට සමීප කරන්න අප සුදානම්. එමෙන්ම ජූලි 20 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියේ උණුසුම සජීවීව අත්විඳින්න දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසද අප ඔබට ආරාධනා කරනවා.