ඉන්දියාවට සහ බංග්ලාදේශයටත් ත්‍රස්ත අවදානමක්.

0
279

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සහ බංග්ලාදේශයේ පිහිටි බෞද්ධ හෝ හින්දු ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

අයි.එස්. සංවිධානය හෝ බංග්ලාදේශයේ ජමාත් උල් මුජහිදීන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවට ඔවුන් එරට බලධාරීන්ට දැනුම් දී ඇති බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරන්නේ.

පසුව මේ පිළිබදව ඉන්දීය මධ්‍යම රජය බටහිර බෙංගාල ප්‍රාන්ත රජය දැනුවත් කර ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරය ගර්භනී කාන්තාවක් ආකාරයෙන් සැරසුණු තැනැත්තියක විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස එල්ල කරනු ඇති බවට ද ඉන්දීය මධ්‍යම බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබෙනවා.