වැසි සහ සුළං වැඩි වන ලකුණු.

0
46

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේ සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වාද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වාද ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.