ඉම්රාන් ඛාන් දෙවරක් ට්‍රම්ප් හමු වෙයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙවතාවක් ඇමරිකානු ජනපති ට්‍රම්ප් හමු වීමට නියමිතව ඇත.

ඉම්රාන් ඛාන් එළඹෙන සැප්: 21 දා ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ඒ එක්සත් ජාතීන්ගේ 74වන මහා සමුළුවට සහභාගී වීම සඳහායි. ඒ අනුව සැප්තැම්බර් 27 දා ඔහු එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ආමන්ත්‍රණය කරනු ඇත.