> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළි තහවුරු කරයි
- URL: https://www.citizen.lk/imf-reaffirms-support-for-sri-lankas-economy/
- Published: 2026-01-21T09:34:09.000Z
- Updated: 2026-01-21T09:34:09.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

January 21 (Citizen.lk News) - ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි තහවුරු කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති හමුවකදී මේ බව සඳහන් කර ඇත.

මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පවත්වා ඇති බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.