> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# IMF නියෝජිත කණ්ඩායම අද මෙරටට
- URL: https://www.citizen.lk/imf-delegation-arrives-in-sri-lanka-today/
- Published: 2026-01-22T02:38:31.000Z
- Updated: 2026-01-22T02:39:09.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 22 (Citizen.lk News) - දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත වනවා.

අද දිනයේ දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් ලබන 28 වන දින දක්වා මෙරට රැඳී සිටින අතර දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා මානුෂික අභියෝග පිළිබඳ ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයාබැලීම සහ එමඟින් යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ ආර්ථික ස්ථාවරත්වයන් කෙරෙහි සිදුව ඇති බලපෑම් අවබෝධ කරගැනීම මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.