> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# වැඩ වරද්දගත්තොත් අපරාධ නීතිය යටතේත් දඬුවම්
- URL: https://www.citizen.lk/if-you-commit-a-crime-you-will-be-punished-under-criminal-law/
- Published: 2025-12-29T09:25:52.000Z
- Updated: 2025-12-29T09:25:52.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්, පුවත්

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා විසින් සඳහන් කර තිබෙන්නේ ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවයි.

ගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් ඇති බවත් ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් භාවිත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී එවැනි රිය අනතුරු සඳහා රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග ලබා දී ඇති බව වැඩිදුරටත් දක්වා තිබෙනවා.