සුදුස්සාට සුදුසු තැන දුන්නේ නැත්නම් අපිට විතරක් චූන් එකේ ඉන්න පුළුවන්. – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට කියයි.

0
260

හදිසි නීතිය පිළිබද විවාදය දැන් පාර්ලිමේන්තුවේදී ඇවැත්වෙනවා. එහිදී මීට ටික වේලාවකට පෙර විවාදයට එක්වූ සරත් ෆොන්සේකා මහතා පවතින තත්වය පිළිබදව කලකිරීමෙන් අදහස් පලකලා.

ඔහු සදහන් කළේ වත්මන් ආණ්ඩුවේ ආරක්ෂාව පිළිබදව හොදින්ම දන්නා කෙනා තමන් වුවත් ජනපති විවිධ අයගේ කතා අසා තමන්ට ආරක්ශක ඇමතිධූරය නොදුන් බවයි.

එමෙන්ම ඉදිරියටත් ආරක්ශාව ගැන නොදන්නා අය පරිපාලනයේ සිටීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චූන් එකේ ජීවත් විය හැකි මුත් රටේ ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.