> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ICC T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය  නිල වශයෙන් ඇරඹේ
- URL: https://www.citizen.lk/icc-t20-world-cup-exhibition-tour-officially-begins-in-sri-lanka/
- Published: 2026-01-22T02:47:55.000Z
- Updated: 2026-01-22T02:48:31.000Z
- Author: Deepali Jayasundara
- Tags: කෙළිබිම

January 22 (Citizen.lk News) - 2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින් සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.

21 සිට 24 දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩාලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වන අතර අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.