ICC ය අලුත් නීතියක් හඳුන්වා දෙයි.

ටෙස්ට් තරඟ සඳහා නව නීතියක් හඳුන්වාදීමට ඊයේ පැවති වාර්ෂික ICC රැස්වීමේදී කටයුතු කර තිබෙනවා. Concussion Substitute නමින් මෙම නීතිය හඳුන්වනු ලබනවා.

මෙම නීතිය යටතේ ටෙස්ට් තරඟයකදී ආබාධයකට ලක්වී පිටියෙන් ඉවත් වෙන ක්‍රීඩකයා වෙනුවට කැඳවන අතිරේක ක්‍රීඩකයා කණ්ඩායමේ සිටින 11 දෙනාගෙන් කෙනෙකු ලෙස සලකනු ලබනවා. ඒ අනුව ඉවත් වූ ක්‍රීඩකයාට හිමි සියලුම වරප්‍රසාද (පන්දුවට පහරදීම, පන්දු රකිම, පන්දු යැවීම) අතිරේකව කැඳවූ ක්‍රීඩකයාට ද හිමි වෙනවා.

නමුත් මෙහිදී “Like to Like” ක්‍රමය සලකා බලනවා. ඒ අනුව පිතිකරුවෙක් ඉවත් වූ විට විශේෂඥය දඟ පන්දු යවන්නෙක් හෝ වේග පන්දු යවන්නෙක් ඇතුලත් කළ නොහැකි. ඒ වෙනුවට පිතිකරුවෙක්ම කැඳවිය යුතු වෙනවා.

ඒ වගේම කණ්ඩායම් දෙකටම මධ්‍යස්ථ වෛද්‍යවරයෙක් පත් කරනු ලබනවා. ඔහු විසින් ක්‍රීඩකයෙකු තරඟයෙන් ඉවත් වන්නේදැයි තීරණය කරනු ලබනවා. ෆිල් හියුස්ගේ මරණයෙන් පසු ඕස්ට්‍රේලියාව විසින් මෙම නීතිය ගෙන ඒම සඳහා මූලික වී කටයුතු කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න