ICC සභාපති ඊයේ දිවයිනට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ(22) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියා.

මනෝහර් මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ කළමනාකාරිත්වය සමඟද සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව සඳහන් වෙනවා.

මේ අතර ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේ ICC සභාපති පැමිණි පසු විකාශන අයිතීන් පිලිබඳ ගැටළුවක් පැන නැගී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඔහු හා සාකච්ඡා කරන බවයි.