තිලංගගේ නම සඳහන් කරමින් ICCයෙන් දුෂණ චෝදනා ගැන ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් දුෂණ වලට ඇති සම්බන්ධය පැහැදිලි කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළා.

එහිදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එවැනි ලිපියක් ලැබුණු බව පිළිගත්තා. එමෙන්ම ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණු ලිපිය තමන් ක්‍රිකට් ආයතනයට යොමු කළ බවත් වෙනත් කිසිවෙකුට හෝ අමාත්‍ය අර්ජුන වෙත තමන් ලබා දී නොමැති බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අර්ජුන රණතුංග අමාත්‍ය වරයා පැවසුවේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සහ ග්ලෙන් පාමර් නමැති බ්‍රිතාන්‍ය ජාතික සූදු ඔට්ටු කරුවෙකු අතර තිබූ සම්බන්ධකම් සහ හුවමාරු වූ ඩොලර් 50,000 / ඩොලර් 100,000 වැනි ගණන් වලින් යුතු චෙක්පත් වල පිටපත් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අදාළ ලිපිය සමඟ එවා ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මෙම ලිපියේ සම්බන්ධ කරුණු පිළිබඳ අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම සුදුසු බවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර ඇති බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න