“මම ඉල්ලා අස්වුණේ නැහැ. මාධ්‍ය වලින් කියන්නේ බොරු” – හිස්බුල්ලා (VIDEO)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදුන් බව විවිධ කටකතා පැතිරෙනවා.

කෙසේ නමුත් තමා සිය ධූරයෙන් ඉල්ලා අස්නොවු බව නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා දෙමළ මාධ්‍ය සමාජ වෙබ් පුවත් අඩවි වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මේ බව හිබුල්ලා සිය Facebook පිටුව හරහා තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුකාරවරයාගේ ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පළ වන පුවත්පතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආණ්ඩුකාර කලානිධි මහතා ද පවසනවා.